වැටුප් ගිවිසුමට අනුව ඉහළ දැමූ වැටුප ලබාදීමට බලධාරීන් පොරොන්දුවූ බව ඛනිජතෙල් වෘත්තිය සමිති එකමුතුව සඳහන් කරයි.
මේ නිසා අද (22දා) ආරම්භ කිරීමට නියමිතව තිබූ වෘත්තිය ක්‍රියාමාර්ග නවතා දැමූ බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා සඳහන් කළේය.
වසර තුනකට වරක් සිදුවන වැටුප් සංශෝධනය ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක විය යුතුව තිබුණත් කොලොන්නාව සීමාවේ සේවකයන්ට හා තොග ගබඩා සේවකයන්ට අදාළ සංශෝධනයට අනුව වැටුප් ලබානොදුන් බවද පවසා සිටියේය.
එහෙත් ඊයේ (21දා) රාත්‍රී බලධාරීන් සමග පැවැති සාකච්ඡාවේදී අදාළ සංශෝධිත වැටුප ලබාදීමට පොරොන්දු වූ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.