ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම වශයෙන් ඉන්දීය කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් මිලියනයක් හිමි වීමට නියමිතය.
අප්‍රේල් 1 වැනිදාට ලෝකයේ අංක එක හිමිවන ටෙස්ට් කණ්ඩායමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියනක් ත්‍යාග වශයෙන් ලබාදෙයි.
අංක දෙක දකුණු අප්‍රිකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ප්‍රතිඵලය මත තීරණය වෙයි.
හැමිල්ටන් පිටියේදී හෙට (29දා) අවසන්වීමට නියමිත තෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත් දකුණු අප්‍රිකාව අංක දෙක ලෙස නිමා කරනු ඇත.
අප්‍රේල් 01 දාට ලෝකයේ අංක දෙක හිමිවන ටෙස්ට් කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5ක මුදලක් හිමිවෙයි.