විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සඳහන් කරන ආකාරයට මෙගාවොට් 3300 ක විදුලි ප්‍රමාණයක් රට තුළ නිෂ්පාදනය වන බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.
කාර්යබහුල වේලාවන් තුළදී පවා රටට අවශ්‍ය වන්නේ මෙගාවොට් 2200 ක විදුලිය ප්‍රමාණයක් බවට බලධාරීන් සඳහන් කරන බැවින් ඒ පිළිබඳව මාස 02 ක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙසට උපදෙස් ලබාදුන් බවද ඔහු පවසා සිටියේය.