මුද්‍රිත ලේබල් වෙනස් කර වෙළෙඳ පොළට නිකුත් කිරීමට සැලසුම් කර තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු සැමන් ටින් ලක්ෂයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සපුගස්කන්ද ප්‍ර‘දේශයේ ගබඩාවක තිබී අත්අඩංගුවට ගෙන තිබේ.
මුද්‍රිත ලේබල් වෙනස් කර සකස් කළ සැමන් ටින් දහතුන් දහසක් වෙළෙඳ පොළට මුදාහැර තිබෙන බවට හෙළ වී තිබෙන අතර, එම සැමන් තොගද අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
පෙරේදා (23දා) පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මෙම සැමන් ටින් තොගය අත්අඩංගුවට ගෙන තිබෙන අතර, එම ගබඩාවේ තිබූ සැමන් ටින් ලක්ෂයක ප්‍රමාණයකින් සැමන් ටින් 15,000 ක ලේබල් සකස් කර තිබී ඇත. ඉතිරි 85,000 කට අධික සැමන් ටින් ප්‍රමාණය වෙනස් කරන ලද ලේබල් ඇලවීමට සූදානම් කර තිබී ඇත.
ප්‍රසිද්ධ සැමන් ටින් සමාගමක් වෙනත් සැමන් ටින් නිෂ්පාදන සමාගමක් විසින් සකස් කර තිබූ කල්ඉකුත් වී ගිය සැමන් ටින් උපයෝගී කරගෙන මෙම ජාවාරම් කටයුතු සිදුකිරීමට සැලසුම් කර තිබූ බවද පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරිහු සඳහන් කරති.