රුපියල් එක්කෝටි දාහතර ලක්ෂ අනූඅටදාස් දෙසිය විසි දෙකක් වටිනා විදේශ මුදල් තොගයක් තම ගමන් මල්ලේ සගවාගෙන සිංගප්පුරුව බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද (11දා) අලුයම රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය. සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි විදුලි උපකරණ ව්‍යාපාරිකයෙකි. ඔහු ලග තිබී අත් අඩංගුවට ගෙන ඇති මුදල ඇමරිකානු ඩොලර් අසූපන්දහසකි.