මන්නාරම පේසාලෙයි මුහුදු තීරයෙන් ඊයේ (24 දා) සවස රුපියල් කෝටියක් පමණ වටිනා හෙරෝයින් ග්‍රෑම් 997 ක් හා කේරල ගංජා කිලෝ 3 යි ගෑම් 329 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව මන්නාරම් පොලිස් කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නාශක අංශය කියා සිටියේය.
මන්නාරම් පොලිස් කොට්ඨාස විස මත්ද්‍රව්‍ය අංශයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් විසින් දින කිහිපයක් පුරාවට සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් තොගය හා කේරල ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත.