රුපියල් එක්කෝටි තිස්නවලක්ෂයක මුදලක් රැගෙන සිංගප්පූරුව බලා පිටත්ව යෑමට සූදානම් වූ මෙරට පුද්ගලයෙකු අද (03දා) අත්අඩංගුවට ගත බව කටුනායක ගුවන්තොටුපළ රේගුව සඳහන් කරයි.
සැකකරු මහනුවර අකුරණ ප්රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු අද උදෑසන 07.25ට සිංගප්පූරුව බලා පිටත්ව යෑමට පැමිණ ඇතැයි හෙළිව තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපළ රේගුව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.