කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සඳහා අනුමැතිය ලබා දීමට අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540ක මුදලක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20ක් අත්තිකාරමක් වශයෙන් ලබාගත් බව පැවසෙන සිද්ධිය අල්ලස් කොමිසමට පැමිණිලි කළ ඉන්දීය ජාතිකයාගේ ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇතැයිඅල්ලස් කොමිසමේ සහකාර නීති අධ්යක්ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඊයේ (09දා)දැනුම් දුන්නේය.
මෙම සිද්ධිය අල්ලස් කොමිසමට පැමිණිලි කළ ඉන්දීය ජාතිකයාගේ කොළඹ 07, රොස්මිඩ් පෙදෙසේ පිහිටි කාර්යාලයට %එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ සාමාජික ජෝශප්^යැයි කියමින් පැමිණි පුද්ගලයෙකු හේතුවෙන් පැමිණිලිකරුගේ ජීවිතයට මෙලෙස බරපතළ තර්ජනයක් එල්ල වී ඇතැයිද සහකාර නීති අධ්යක්ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් ‘එම්.ජී. ෂුගර් පෞද්ගලික සමාගමට කන්තලේ සීනි සමාගමට අයත් අක්කර 2,400ක භූමිප්රමාණයක් රජය මගින් පවරා දී ඇති බවත්, එම සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සඳහා අනුමැතිය ලබා දීමට අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540ක් ඉල්ලා එය රුපියල් මිලියන 100ක් දක්වා අඩුකර අත්තිකාරම් වශයෙන් රුපියල් මිලියන 20ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත්තේ යැයි පැවසෙන සිද්ධියට අදාළ පැමිණිල්ල අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මේ බව දැනුම් දුන්නේය.
මෙම සිද්ධියේ පැමිණිලිකරු වන ඉන්දීය ජාතික කොටහා රාලහල්ලී කොඩි ඩප්පයියා නඩරාජා මහතා ඒ අවස්ථාවේදී කාර්යාලයේ සිට නොමැති බවත්, එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ සාමාජිකයෙකු වන ජෝශප් බව කියමින් පැමිණි පුද්ගලයෙකු සමාගමේ පිළිගැනීමේ නිලධාරීනිය හමුවී තමන්ට නඩරාජා මහතා හමුවීමට අවශ්‍ය බවත්, තමන් පැමිණියේ ඔහුට උදව් කිරීමට බවත් පවසා ඇති බවත් අධිකරණයට දැනුම් දුන් සහකාර නීති අධ්යක්ෂ ජනරාල් ඇන්තනි මහතා, නඩරාජා මහතා නොමැති බව පැවසූ විට ඔහුගේ දුරකථන අංකය ඉල්ලා ඇතැයිද දැනුම් දුන්නේය.
සමාගමේ පිළිගැනීමේ නිලධාරීනිය නඩරාජා මහතාගේ දුරකථන අංකය ලබාදී නැතත් මෙම තත්ත්වය හේතුවෙන් ඔහුගේ ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇතැයි දැනුම් දුන් සහකාර නීති අධ්යක්ෂ ජනරාල්වරයා මේ සම්බන්ධයෙන් ඔවුන් ඊයේ (09දා)කුරුඳුවත්ත පොලීසියට පැමිණිලි කිරීමට කටයුතු කරන බවත් දැනුම් දුන්නේය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙයට තම සේවාදායකයන්ගේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බවත්, මෙය තම සේවාදායකයන් අපහසුතාවට පත් කිරීමේ අරමුණින් කිසියම්පුද්ගලයෙකු විසින් කරන ලද්දක් වීමට හැකියාව ඇති බවත් දැනුම් දුන්නේය.