රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1.206ක් රාගම , තේවත්ත, ගැමුණු මාවතේ නිවසක තිබියදී සොයා ගැනීමට ගල්කිස්ස පොලීසිය සමත්ව තිබේ. පොලීසියට ලැබුණු තොරතුරක් අනුව මෙම සොයාගැනීම ඊයේ (03දා) රාත්රියේදී සිදු කළේය.
මීට දින දෙකකට පෙර රාගමදී කොකෙන් සමග අත්අඩංගුවට ගත් නයිජීරියානු ජාතිකයන් අටදෙනා හා ශ්‍රී ලංකා ජාතිකයන් දෙදෙනා නැවතී සිටි බව කියන නිවසට යාබද වත්තක තිබී මෙම කොකේන් තොගය සොයාගෙන තිබේ.
බිමල් ශ්‍යාමන් ජයසිංහ