රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු වවුනියාව කොට්ඨාස දූෂණ මර්දන අංශයයේ නිලධාරීන් විසින් ඊයේ (09දා) වවුනියාව බස් නැවතුම්පොළේදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
යාපනයේ වැල්වැටිතුරෙයි ප්රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස අත්ඩංගුවට ගෙන ඇත.
එම ඒකකයට ලද බුද්ධි තොරතුරකට අනුව යාපනයේ සිට කොළඹ දක්වා ගමන්ගත් බස් රථයකින් වවුනියාව පැමිණ ඇති සැකකරු වවුනියාව බස් නැවතුම්පොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී සැකකරු සන්තකයේ තිබූ හෙරොයින් කිලෝ දෙකහමාරකට ආසන්න ප්රමාණයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙම හෙරොයින් තොගය සැකකරු විසින් යාපනයේ සිට කොළඹට රැගෙන යාමට සැලසුම් කොට තිබූ බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
වවුනියාව කොට්ඨාස දූෂණ මර්දන අංශය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.