කෝටි 3ක කේරළ ගංජා අල්ලයි
ඉන්දියාවේ තූත්තුකුඩි ප්රදේශයේ සිට මෙරටට මුහුදු මගින් ප්රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කි.ග්රෑ. 160 ක් ප්රවාහනය කරමින් තිබූ වල්ලමක් සහ ඉන්දීය ජාතික සැකකරුවන් තිදෙනෙකු සමග අත්අඩංගුවට ගැනීමට ඊයේ (18දා) අලුයම කල්පිටිය විජය නාවික හමුදාව සමත්විය.
රුපියල් කෝටි 3කට ආසන්න වටිනාකමින් යුතු මෙම කේරළ ගංජා තොගය මෙරටදී අත්අඩංගුවට ගත් වැඩිම ගංජා තොගය ලෙස සැලකේ. කල්පිටිය බත්තලංගුංඩුව දූපතේ සිට මුහුදු සැතපුම් 28ක් පමණ දුරින් මෙම ගංජා තොගය අත්අඩංගුවට ගෙන තිබිණි.
කල්පිටිය විජය නාවික හමුදාවේ අණදෙන නිලධාරී වරුණ තෙන්නකෝන් මහතා ප්රමුඛ විධායක නිලධාරී මනෝජ් ලීලාරත්න ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබිණි. සැකකරුවන් හා අත්අඩංගුවට ගත් ගංජා තොගය පුත්තලම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

