නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට රැගෙන යාමට සුදානම් කර තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 2.6 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත. නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය අප්‍රේල් 8 පේසාලේ ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.
ග්‍රෑම් 100 කැබලි 26 ක් වශයෙන් මෙම රත්‍රං තොගය ඩිංගි යාත්‍රාවක් තුළ සූක්ෂම ලෙස සඟවා තිබු බවත් රත්‍රං තොගයේ දළ වටිනාකම රුපියල් කෝටි 2 කට ආසන්න බවත් නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින්, රත්‍රං තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා රේගුව වෙත භාර දීමට කටයුතු ක ළ බවත් නාවික හමුදාව වැඩිදුරටත් පවසයි.