මේ වසරේ ගතවූ කාලසීමාවේදී පමණක් කෝටි 13 කට අධික හෙරොයින් ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායට සහ මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපාරාධ දිසාවට හැකි වූ බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව 2017 ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 27 වැනිදා වන විට පොලිස් විශේෂ කාර්ය බළකායෙන් පමණක් රුපියල් 53,852,660.00 (කෝටි 5 .3ක්) වටිනා හෙරොයින් ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත. එය ප්‍රමාණාත්මකව කිලෝග්‍රෑම් 5.3කි.
අතර පසුගිය අගෝස්තු මාසයේ දී පිහිට වූ මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ දිසාව හෙරොයින් කිලෝග්‍රෑම් 8.2 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් 82,266,590.00 (කෝටි8.2කි)
වසරේ ජනවාරි මාසයේ සිට දෙසැම්බර් 22 වෙනතුරු කාලසීමාවෙහි සිදු කළ හෙරොයින් සම්බන්ධ වැටලීම් 285 කදී සැකකරුවන් 303 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර අගෝස්තු මාසයේ පිහිටවූ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ දිසාව මගින් වැටලීම් 160 කදී සැකකරුවන් 167 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.