රුපියල් කෝටි 10ක් පමණ වටිනාකම ඇති පෞරාණික වටිනාකමකින් යුත් තඹ අකුණු සන්නායක තඹ තහඩු 4ක් සොරකම් කළ බවට සැකකරන පුද්ගලයන් 4 දෙනෙකු දොඩංගොඩ සහ නෑබොඩ අතර ප්රදේශයේදී නාවික හමුදාව (ඊයේ 22දා) අත්අඩංගුවට ගෙන ඇත.
නාවික හමුදාවට ලද තොරතුරක් මත කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් විසින් මෙම අකුණු සන්නායක අලෙවි කිරීම සඳහා ටිපර් රථයකින් රැගෙන යමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයන්, ටිපර් රථය සහ අකුණු සන්නායක තහඩු ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත භාර දීමට නියමිතව තිබුණි.