කෝට්ටේ රජමහා විහාරයේ වැඩ විසූ හිමිවරුන් දෙදෙනෙකු ඝාතනය කිරීම් සිද්ධියේ තුන්වැනි සැකකාර සුරේෂ් චානක නැමැත්තා දැඩි කොන්දේසි සහිතව ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා ඊයේ (04දා) තීරණය කළේය.
රැ. 50,000 ක මුදල් ඇප, රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇපමත සැකකරු මුදාහළ විනිසුරුවරයා සතියකට වරක් මිරිහාන පොලීසිය හමුවේ පෙනී සිටින ලෙසද සැකකරුට නියම කළේය.