කොළොන්නාව, මීතොටමුල්ල කසළ අංගණයට රැගෙන යන කැළිකසළ ඒ ආසන්නයේ වෙනත් ස්ථානයකට ගෙන ගොස් දැමීමට තීරණය කළ බව කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පැවසීය.
එසේම එම ප්‍රදේශයේ සිටින ජනතාව වෙනත් ඉඩමක පදිංචි කරවීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි නගරාධිපතිවරයා සඳහන් කළේය.
පසුගිය සතියේ මීතොටමුල්ල කසළ අංගණය නාය යෑමකට ලක්ව එම ප්‍රදේශයේ ජනතාව අපහසුතාවට පත් වූ පසුව නිලධාරීන් සමග මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළ බවත්, ඒ අනුව කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නැයි අදාළ අංශවලට උපදෙස් ලබාදුන් බවත් මුසම්මිල් මහතා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දැක්වූ මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ව්‍යාපාරයේ කැඳවුම්කරු නුවන් බෝපගේ මහතා සඳහන් කළේ, කුණු අංගණය අසල ජනතාවට සහන සලසන බවට නගර සභාව ප්‍රකාශ කළද මීට ඉහතද මෙවැනි ප්‍රකාශ කර තිබෙන බැවින් පිළිගත නොහැකි බවයි.
එම ප්‍රදේශයේ ජනතාව සෞඛ්‍යමය හා සමාජය ප්‍රශ්නවලට මුහුණදුන්නද මේ දක්වා බලධාරීන්ගේ අවධානයක් යොමු නොවූ බවද ඔහු පවසා සිටියේය.