කොළඹ නගරයේ ඇතැම් ප්‍රෙද්ශවලට සෙනසුරාදා උදෑසන 9සිට පසුදින උදෑසන 9වන තෙක් ජල සැපයුමේ අඩාල කිරීමක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපහවන මණ්ඩලය ප්‍රකාශ කරයි.
ඒ අනුව කොළඹ 1, 2, 3, 4, 7,8,9,10 සහ 11 යන ප්‍රදේශවල ජල කප්පාදුවක් ක්‍රියාත්මක වනු ඇති අතර කොළඹ 12 සහ 13 ප්‍රෙද්ශවලට මද වේගයෙන් ජලය නිකුත් කරනු ඇත.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ අඹතලේ ජල පිරිපහදු මධ්‍යස්ථානයේ සිට මාලිගාකන්ද තෙක් ජලය ගෙන යන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශය ප්‍රතිසංස්කරණ කටයුතු කිහිපයක් නිසාවෙනි. මේ අනුව මෙම ප්‍රෙද්ශවල ජනතාවට හැකි පමණ ජලය එක්රැස් කරගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දන්වා සිටිනවා.