(UPDATE) 2016/07/06 2.37 PM
අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට රත්මලාන ප්‍රදේශය දක්වා ජලය ගෙනඑන නළයේ සිදුවූ පුපුරායාම අද (06දා) සවස 6.00 ට පෙර යථාතත්ත්වයට පත් කරන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
තලංගම ඩිපෝව අසලදී නළය පුපුරා යාම නිසා ඊයේ (05දා) සවස සිට කොළඹ මහ නගර සභා බලප්‍ර‘දේශයට හා බම්බලපිටිය, අඹතලේ ඇතුළු ප්‍ර‘දේශ ගණනාවකට ජල සැපයුම අත්හිටුවනු ලැබිණි.
පිපිරීමකට ලක්වූ නළය පොළොව යට පිහිටි නළයක් බවත්, මේ නිසා අලුත්වැඩියා කටයුතු කරගැනීමසඳහා යම් කාලයක් ගතවන බවද අඹතලේ ජල පවිත්‍රාගාරයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.ඩබ්. ප්‍රේමසිරි මහතා සඳහන් කළේය.
අඛණ්ඩව අදාළ කටයුතු කරන බවත්, මේ නිසා අද සවස 6.00 පමණ වනවිට අදාළ ස්ථානය යථාතත්ත්වයට පත් කර ජල සැපයුම සිදුකරන බවද කියා සිටියේය.
මේ නිසා සියලුම පාරිභෝගිකයන්ට අද මධ්‍යම රාත්‍රියට පෙර ජලය ලබාදීමට හැකිවන බවද ප්‍රේමසිරි මහතා පවසා සිටියේය.
2016/07/06 8.47 AM
අඹතලේ සිට මොරටුව දක්වා ජලය ගෙන යන නළයේ ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ප්‍ර දේශ කිහිපයකට සීමා කළ ජල සැපයුම අද (06දා) ප.ව. 3.00 දක්වා දීර්ඝ කළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඊයේ (05දා) පස්වරුවේ අත්අහිටවූ ජල සැපයුම අද පෙ.ව. 6.00ට යළි ලබා දීමට නියමිතව තිබුණි.
2016/07/05 6.24 PM
කොළඹ නගරයේ ස්ථාන කිහිපයකට අද (05දා) සිට හෙට (06දා) අලුයම 6 දක්වා පැය දොලහක කාලයක් ජල සැපයුම අත්හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.
ඒ අනුව දෙහිවල - ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශය, වැල්ලවත්ත, කිරුළපන, බම්බලපිටිය, කොල්ලුපිටිය,පාමංකඩ, හැව්ලොක්, ජයන්තිපුර, පැලවත්ත, මුල්ලේරියාව, අඹතලේ හා කොහිලවත්ත යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවලු ඇත.
අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට දෙහිවලට ජලය රැගෙන යන නලයේ ඇතිව තිබෙන ගැටලුවක් හේතුවෙන් මෙසේ ජලය අත්හිටුවීමට සිදුවන බවද ජලසම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.