ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ නැංගුරම් ලෑමේ අපේක්ෂාවෙන් පැමිණි චීන සබ්මැරීනය මේ වන විට පාකිස්තානය දෙසට ගමන් කරමින් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම සබ්මැරීනය ශ්‍රී ලංකාවේ කොළඹ වරායට පැමිණීම අවසර ඉල්ලා තිබුණත් පසුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ වරායට පැමිණීමට ශ්‍රී ලංකාව අවසර නොදුන්නේය.
ඒ අනුව සබ්මැරීනය මේ වන විට පාකිස්තානය දෙසට ගමන් කරමින් තිබෙන බව ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.චීන සබ්මැරීනයක් අවසන්වරට ශ්‍රී ලංකාවට පැමිණියේ 2014 වසරේදී වන අතර ඒ සඳහා ඉන්දියාවේ දැඩි විරෝධය එල්ල විය.