කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දින 13 ක් තිස්සේ උපකුලපති ගොඩනාගිල්ල ඉදිරිපිට පැවැත්වූ සත්‍යග්‍රහය අද (17දා) පෙරවරුවේ සිට අවසන් කළ බව සමස්ත පීඨ එකමුතුවේ කැඳවුම්කරු කුමාර පනාකඩුව මහතා පැවසීය.
තම ඉල්ලීම් සම්බන්ධයෙන් උපකුලපති කුමාර හිරිඹුරේගම මහතා විසින් ලිඛිතව කළ දැනුම්දීම නිසා මෙම තීරණයට එළඹි බව ඔහු කීය. ඒ අනුව නේවාසිකාගාර ගාස්තුව රුපියල් 3000 සිට 1000 දක්වා අඩු කරන බවත්, දැනට වසාදමා ඇති කලා හා අධ්‍යාපන පීඨ ජූලි 01 වැනිදා සිට යළි ආරම්භ කරන බවත්, පන්ති තහනමකට ලක්කර ඇති සිසුන් 20 සම්බන්ධ පරීක්ෂණ ඉතා ඉක්මනින් අවසන් කරන බවත්, ලිඛිතව දැනුම් දී තිබූ බව පනාකඩුව මහතා සඳහන් කළේය.
සත්යග්රහ පැවැති ස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මෙම අදහස් දැක්වීය.
ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ