කොළඹ ප්රදේශ කිහිපයක අද (09දා) සවස 5.30 සිට විදුලි ඇනහිටීමක් සිදුව තිබුණේ කොළොන්නාව සිට කොළඹ E උපපොළ දක්වා දිවෙන අධිබලැති විදුලි රැහැනක හටගත් දෝෂයක් නිසා බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.
මේ වනවිටත් කොල්ලුපිටිය, බම්බලපිටිය, නගරශාලාව අවට ඇතුළත්ව කොළඹ 05, 07, 10 සහ 11 යන ප්ර‘දේශවලට විදුලිය ඇනහිටීම බලපා ඇතැයිද, දෝෂය හටගත් ස්ථානය හඳුනාගැනීමට නිලධාරීන් හා සේවකයන් යොදවා ඇතැයිද එහි ප්රකාශකයෙක් පැවසීය.
සිද්ධිය සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ කළ බවද හෙතෙම ප්රකාශ කළේය.