කොළඹ නගරයේ එක්රැස්වන වැසිජලය මුහුදට බැසයැවීමේ භූගත නළ පද්ධතියක් ඉදිකිරීම සඳහාමේ වසරේ ඔක්තෝබර් වනවිට කොන්ත්‍රාත් ප්රදානය කිරීමට සැලසුම් කර ඇතැයි මහනගර සහ බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
මෙම ව්‍යාපෘතිය සඳහා පෙබරවාරි 13 වැනිදා ලංසු ආරාධනා කිරීම සිදුකළ බවත්,මැයි 09 වැනිදා එම ලංසු විවෘත කිරීම සිදුකරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ලෝක බැංකු ආධාර යටතේ සිදුකරන මුළු ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 213කණය මුදලක් ලබාගැනීමට නියමිත බවත්,උමං මාර්ග ඉදිකිරීම සඳහා ඉන් ඩොලර් මිලියන 36ක් පමණ වැයවෙතැයි ඇස්තමේන්තු කර ඇති බවත් අලගියවන්න මහතා ප්‍රකාශ කළේය.
අධ්‍යයනය සමාලෝචනය කිරීම, ප්රතිසම්පාදන ලේඛන සැකසීම හා උපදේශන සේවා සැපයීම ඉතාලියේ ජියෝඩාටා එස්පී ආයතනය විසින් සිදුකළ බවත්,මෙම සැලසුම්, ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ගේ අධීක්ෂණය සහ කළාමනාකරණය සඳහා ඉංජිනේරුමය උපදේශන සේවා ආයතනයක් තෝරාගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කර ඇතැයිද ඒ මහතා පවසා සිටියේය.
සැලසුම් සැකසීමේ සහ උපදේශන සේවා සැපයීමේ ආයතනයක් තෝරාගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබෙන බවත්,2014-11-12 දින යෝජනා කැඳවීම සිදුකර ඇති බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, 2015-6-4 දින උපදේශන සේවා සඳහා ආයතනය වෙත යොමුකිරීම සිදුකර ඇතැයි පවසා සිටියේය.
රජයේ සෑම ව්‍යාපෘතියක් සඳහා ක්‍රියාත්මක කරනු ලබන ඉඩම් පවරාගැනීමේ නිතීය අනුව මෙම ව්‍යාපෘතිය සඳහාදැනට ඉඩම් පවරා ගැනීම් ආරම්භ කර තිබෙන බවත්,එම ඉඩම්වල පදිංචි ජනතාව සඳහාඅදාළ වන්දි මුදල් ලබාදීම් සිදුකරන බවත් ලසන්ත අලගියවන්න මහතා සදහන් කළේය.
පාරිසරික අධ්‍යයන වාර්තා හා ශක්‍යතා අධ්‍යයන වාර්තා සිදුකිරීමෙන් පසුව ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කරන බවත්,ඒ සම්බන්ධව ජනතාවට විරෝධතා ඉදිරිපත් කිරීමට අව්යශනම් ඒ සඳහා අවස්ථාව තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.