පසුගිය 2014 වසරට සාපේක්ෂව 2015 වසරේදී කොළඹ වරායේ සමස්ත බහාලුම් මෙහෙයුම සියයට 5.7ක වර්ධනයක් වාර්තා කර ඇති බව කොළඹ වරායේ බහලුම් මෙහෙයුම් අංශය පවසයි.
ආනයන අපනයන බහාලුම් මෙහෙයුම සහ ප්රති අපනයන බහාලුම් මෙහෙයුම යනුවෙන් කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම් ප්රධාන අංශ දෙකක් යටතේ ක්රියාත්මක වේ. 2014 වසරේදී කොළඹ වරායේ මෙහෙය වූ ආනයන අපනයන බහලුම් ප්රමාණය 1,126,985 ක් වන අතර, 2015 වර්ෂයේදී එය 1,217,971 කින් සියයට 8.1 ක් ලෙස වර්ධනය වී තිබේ. 2014 වර්ෂයේදී කොළඹ වරායේ මෙහෙය වූ ප්රති අපනයන බහලුම් ප්රමාණය 3,780,930 ක් වන අතර, 2015 වර්ෂයේදී එම බහාලුම් ප්රමාණය 3,967,496 ක් දක්වා ඉහළ ගොස් ඇත. එහි වර්ධනය සියයට 4.9 කි.
මෙය සමස්තයක් ලෙස ගත්විට, කොළඹ වරාය 2014 වසරේදී මෙහෙයවා ඇති මුළු බහාලුම් ප්රමාණය 4,907,915 ක් වේ. එය 2015 වසරේදී 5,185,467 ක් ලෙස සියයට 5.7 කින් ඉහළ ගොස් ඇත.