වරායේ ගින්න ගැන වරාය අධිකාරියෙන් පරීක්ෂණයක්
කොළඹ වරාය පරිශ්‍රයේ හයිහුන්ඩායි පෞද්ගලික වැඩබිම තුළ ඊයේ(29දා) ගින්නක් හටගත් බවත් ඒ පිළිබඳ ශ්‍රීලංකා වරාය අධිකාරිය වෙනමම පරීක්ෂණයක් ආරම්භකර ඇති බව වරාය අධිකාරිය පවසයි.
කොළඹ වරාය පරිශ්‍රයේ ඊයේ(29) හටගත් ගින්න එහි නැගෙනහිර පර්යන්තයේ ඇති වූ බවට ඇතැම් මාධ්‍ය වාර්තාවල දක්නට ලැබිණු බවත් එහෙත් එය නිවැරදි නොවන බවත් වරාය අධිකාරිය දන්වාසිටියි. ඊයේ පස්වරු 1යි 30ට පමණ හටගත් එම ගින්න ඇති වූයේ කොළඹ වරාය පරිශ්‍රයේ හයිහුන්ඩායි පෞද්ගලික වැඩබිමක වන අතර එම වැඩ බිමේ ගොඩගසා තිබූ භාවිතයෙන් ඉවත් කළ රබර් නළ අට්ටියක් ආශ්‍රිතව එම ගින්න ඇති වු බවත් එම රබර් නළ මුහුදේ සිට ගොඩබිමට වැලි පොම්ප කිරීම සඳහා යොදා ගන්නා ඒවා බවත් අධිකාරිය නිවේදනය කරයි.
නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන්ය
ගින්න ඇති වූ වැඩබිම පිහිටා තිබෙන්නේ කොළඹ වරායේ නෞකා මෙහෙයුම් සීමාවෙන් පිටතය. ගින්න හේතුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දෛනික මෙහෙයුම්වලට හෝ කොළඹ වරායේ පර්යන්තවල දෛනික මෙහෙයුම්වලට හෝ කිසිදු බාධාවක් සිදු වූයේද නැත. ගින්න හේතුවෙන් කොළඹ වරායේ දේපොළවලට වූ හානියක් හෝ පුද්ගල හානියක් හෝ වාර්තා නොවේ. ගින්න නිවා දැමීම සඳහා කොළඹ වරාය පරිශ්‍රයේ සියලු අංශ සක්‍රීයව ක්‍රියා කළේය. ගින්න සම්බන්ධයෙන් මේ වනවිට ශ්‍රී ලංකා වරාය අධිකාරිය ද වෙනම පරීක්ෂණයක් අරඹයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

