ශ්‍රී ලංකාව තුළ චීනය සිදුකළ විශාලම ව්‍යාපෘතිය වන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියට යනු ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මේ වන විට තාවකාලිකව නවත්වා තිබේ. ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට සිවුදින නිල සංචාරයක් සඳහා චීනයට ගොස් සිටින අතර අද (26දා) චීන ජනපතිවරයා හා ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වනු ලැබීය.
මෙහිදී කොළඹ වරාය නරගය පිළිබඳව අදහස් දකවා තිබෙන ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසෙන් මහතා චීන ජනපති ෂී ජින් පින් මහතාට පවසා තිබෙන්නේ වරාය නගර ව්‍යාපෘතිය නවත්වා තිබෙන්නේ කෙටිකාලීනව බවත්, එහි පවතින ගැටලුකාරී තත්ත්වය චිනය පැත්තෙන් නොවන බවත්ය.
චයිනා ඩේලි ඇසුරෙනි