කොළඹ හා තදාසන්න නගරවලට සපයන පානීය ජලයෙහි බැරලෝහ හෝ ආසනික් නැතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
එහි සාමාන්‍යාධිකාරි බී.ඩබ්.ආර්.බාලසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.
කොළඹ ප්‍ර‘දේශයට ජලය සැපයෙන්නේ කැලණි ගඟෙන් ලබාගත් ජලයෙන් බවත්, එම ජලය අඹතලේ රසායනාගාරයේදී සතිපතා පරීක්ෂාකරන බවත් නිවේදනයේ සඳහන් වෙයි.
පානීය ජලයෙහි ප්‍රමිතිය තිබිය යුත්තේ ලීටරයකට බැරලෝහමිලිග්රෑම් 0.01 ක් ලෙස වන අතර, එම ප්‍රමිතිය මෙතෙක් ඉක්මවා නොගොස් ඇති බවද එහි දැක්වෙයි.
එම නිවේදනය පහතින් දැක්වේ.
.................................................................................
කොළඹ හා තදාසන්න නගරවලට සපයන පානීය ජලයෙහි බැරලෝහ හෝ ආසනික් නොමැත.
කැලණි ගඟෙන් ලබාගන්නා ජලයෙහි ගුණාත්මකභාවය පිළිබඳ විවිධ මතවාද මේ දිනවල විවිධ මාධ්‍යවල පළ වේ. විශේෂයෙන්ම මෙහිදී අවධානය යොමු වී ඇත්තේ ජලයේ ආසනික් අඩංගු වී ඇති බවය.මේ නිසා කොළඹ තදාසන්න ප්‍ර‘දේශවල ජලය පරිභෝජනය කරන ජනතාව කිසියම් කැළඹීමකට පත් වී ඇත.
කොළඹ හා ඒ අවට තදාසන්න නගරවලට ජලය සම්පාදනය කරන අඹතලේ හා බියගම ජල පවිත්‍රාගාරවලට ජලය ලබාගන්නේ කැලණි ගඟෙනි. කැලණි ගඟෙහි ජලයෙහි ආසනික් තිබේද යන්න පිළිබඳව අඹතලේ ජල පවිත්‍රාගාරයේ පිහිටි රසායනාගාරයේදී සෑම සතියකටම වරක්ම පරීක්ෂා කරනු ලබන අතර, අවශ්‍ය ප්‍රමාණය වන ලීටරයට මිලිග්‍රෑම් 0.05 ඉක්මවා ගොස් නැති බව සඳහන් කරමි.
තවද පානීය ජලයෙහි එම ප්‍රමිතිය තිබිය යුත්තේ ලීටරයකට මිලි ග්‍රෑම් 0.01 ක් වන අතර, එයද සෑම සතියකට වරක් ජල පවිත්‍රාගාරයේ පිරිසුදු තටාකවල හා බෙදාහැරීමේ ජල නළ පද්ධතිවල පරීක්ෂා කරනු ලබන අතර, ඒ කිසිදු අවස්ථාවක අවශ්‍ය ප්‍රමිතිය ඉක්මවා නොගිය බවට අවුරුදු පහළොවක පමණ පරීක්ෂණාගාර වාර්තා මණ්ඩලය සතුව ඇත.
අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාරවල ජල පවිත්‍රකරණ කටයුතු කිරීමේදීද බැර ලෝහ ප්‍රමාණය 70෴කින් අඩු වන අතර, පිරිසුදු ජලය සැපයීමේදී SLS 614 – 2013 ප්‍රමිතියට අනුව ජලය සපයා ඇති බව ස්ථිර වශයෙන් සහතික කරමි. බැර ලෝහවලට අමතරව පානීය ජලයෙහි ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා රසායනාගාර තුළදී භෞතික, රසායනික හා ජීව විද්‍යාත්මක පරීක්ෂාවන් සෑම දිනකදීම සිදු කරනු ලබයි.
එසේම කොළඹට ජලය සපයන අඹතලේ හා බියගම ජල පවිත්රාගාර ISO 2009-2008 තත්ත්ව කළමනාකාරණ සහතිකය ලත් ජල පවිත්රාගාර බවද වැඩිදුරටත් සඳහන් කරමි. තවද අපගේ අඹතලේ රසායනාගාරය ISO 17025-2005 තත්ත්ව සහතිකයෙන්ද පිදුම් ලබා ඇති බව සඳහන කරමි.
බී.ඩබ්.ආර්. බාලසූරිය,
සාමාන්‍යාධිකාරී,
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය