කොළඹ හා තදාසන්න ප්‍රදේශවල නගර අලංකරණය විධිමත්ව පවත්වාගෙන යාම සඳහා කාර්යසාධන බළකායක් හා මෙහෙයුම් කාර්යාලයක් ස්ථාපිත කිරීම රජයේ අවධානය යොමුව තිබේ.
කොළඹ නගරයේ හා තදාසන්න නගරවල පළාත් පාලන ආයතන විසින් අපද්‍රව්‍ය අවිධිමත්ව බැහැර කිරීම හේතුවෙන් උද්ගත වී ඇති ගැටලු සඳහා විසඳුම් දීමට මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.
ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට සෘජුවම සම්බන්ධ වන රාජ්‍ය ආයතනවල සහභාගිත්වයෙන් කාර්යසාධන බළකාය හා මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කිරීමට නියමිතය.