කොළඹ රැලි පවත්වා ට්‍රම්ප්ව පතුරුගැසීම විහිළුවක්
බෞද්ධ උරුමයන් විනාශ කිරීමට විරුද්ධ නොවී, ජෙරුසලම ඊශ්‍රාලයේ අගනුවර කරන්න එපා යැයි කියමින් කොළඹ රැලි පවත්වා ට්රම්ව පතුරු ගැසීම මේ මොහොතේ ලංකාවේ දේශපාලනයේ ඇති ලොකුම විහිළුව බව ජාතික හෙළ උරුමය සඳහන් කරයි.
පලස්තීන සහයෝගීතා ව්‍යාපාරය සමග එක්ව ජනාධිපති ට්රම්ගේ තීරණයට එරෙහිව පෙළපාළි යන මෙම දේශපාලඥයන් උතුරු නැගෙනහිර පළාත්වල ඇතිව තිබෙන යාපනයේ නාගවිරාධිපති හිමියන්ගේ ආදාහනයට තහනම් නියෝග ගැනීම සහ ති‍්‍රකුණාමලයේ සාම්පූර් සුඩකුඩා බෞද්ධ දාගැබ ඩෝසර් කර සංහිඳියාව විනාශ කිරීම යන සිද්ධි නොසලකා හැර ඇතැයිද එම පක්ෂය පෙන්වා දෙයි.
බෞද්ධ පුරාවස්තු විනාශ වීම ගැන කතා කිරීමට යෑමෙන් ජාතික ආගමික නොසන්සුන්තාවක් ඇතිවේ යැයි කියමින් බෞද්ධ උරුමයේ අයිතිය යටපත් කිරීමට ඊනීයා සංහිඳියාවාදීන්ට ඉඩ නොතැබිය යුතු බව ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

