ඊයේ (09 දා) කොළඹ සිට යාපනය දක්වා ධාවනය වු අංක 4089 දරණ රාත්රී තැපැල් දුම්රිය අඹන්පොළ කාසිකොටේදී වල් අලි මවක හා පැටවෙකු ගැටීමෙන් පීලිපැන තිබේ.අදාල අනතුරෙන් වනඅලි දෙදෙනා මියගොස් ඇති අතර,අනතුර හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය කටයුතුවලට පැවති බාධා මේ වන විට ඉවත් කර තිබෙන බව 'අද' ට වාර්තා වේ.