මොනෝරේල් (Monorail) හෙවත් දැනට පවතින මාර්ග පද්ධතියට ඉහළින්, විශේෂ පීල්ලක් මත ගමන් කරන මගී මැදිරි හඳුන්වා දෙමින් කොළඹ මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට රජය සැලසුම් කරමින් සිටින බව පැවසෙයි.
ඒ අනුව, මොනෝරේල් යොදාගැනීම සඳහා වන ප්‍රථම අදියරේ ශක්‍යතා අධ්‍යයනයන් දැනටමත් අවසන් කර ඇති අතර, ඒ යටතේ මාලඹේ, තලාහේන, රොබට් ගුණවර්ධන මාවත, ජාතික රෝහල, යුනියන් පෙදෙස, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය, කොළඹ කොටුව සහ කොටහේන සම්බන්ධ කරමින් මොනෝරේල් මාර්ග ඉදිකිරීම ඇරඹෙනු ඇත.
මීට අමතරව කොල්ලුපිටියේ සිට ජාතික රෝහල දක්වා තවත් මොනෝරේල් මාර්ගයක් සැකසීමට නියමිතය.
මෙම මොනෝරේල් මාර්ග පද්ධතියේ දෙවැනි අදියර කොටහේන සිට කැලණිය දක්වා සැලසුම් කෙරෙන බව පැවසෙයි.
අතීතයේදී වැඩි වශයෙන් භාවිත කළ උමං දුම්රිය මාර්ගවලට වඩා, වර්තමානයේදී මොනෝරෝල් මාර්ග පද්ධති ඉදිකිරීමට බොහෝ රටවල් උනන්දු වන අතර, එය උමං දුම්රිය මාර්ගවලට වඩා ආර්ථිකමය අතින් වඩාත් ලාබදායී ප්‍රවාහන ක්ෂේත්රයක් බව කියැවෙයි.