කොළඹ මාර්ගවලට කසළ දමන්නන් අත්අඩංගුවට
කොළඹ නගරයේ පිහිටි මාර්ග දෙපසට වර්ග කිරීමකින් තොරව කැළි කසළ බැහැරකරන පුද්ගලයන් පෙරේදා (14දා) රාත්රියේ සිට අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ නගර සභාව රහස් පොලිසීයේ සහාය ලබාගෙන තිබේ.
ඒ අනුව කොළඹ නගරයේ කැළි කසළ එකතුවන ස්ථාන වෙත රාත්රි කාලයේදී රහස් පොලීසිය යොදවා කසළ දැමීමට පැමිණෙන පුද්ගලයන් ඒ මොහොතේදීම අත්අඩංගුවට ගැනීමට සැලසුම් කර තිබේ.
කොළඹ නගර සීමාවේ පිහිටි සෑම මාර්ගයක්ම ආවරණය වන පරිදි රහස් පොලිස් සාමාජිකයන් යෙදවීමට සැලසුම් කර තිබෙන බවත්, කසළ බැහැර කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලීසියේ සහායට හමුදා සාමාජිකයන්දඑක්වන බවත් කොළඹ නගර සභාව පවසයි.
කසළ ප්රශ්නය සම්බන්ධයෙන් හමුදාව,පොලීසිය ඇතුළු ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් සහ කොළඹ නගර සභාව අතර නගර සභා පරිශ්රයේදී ඊයේ (15දා) විශේෂ සාකච්ඡාවක් පැවැති අතර,නගර සභාවට පාලනය කළ නොහැකි අන්දමින් ජනතාව කසළ බැහැර කරන අන්දමද නාගරික කොමසාරිස්වරයා මෙහිදී පෙන්වා දී තිබේ.
v
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

