කොළඹ නගරයට ඊයේ (29දා) සවස සිට ඇදහැළුණු අධික වර්ෂාපතනය හා දැඩි සුළං හේතුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ කොළඹ නගර සීමාව තුළ විශලා ගස් 20ක් ඇතුළු ගස් 60ක් පමණ මාර්ගයට කඩා වැටීම් සිදුවූ බව කොළඹ මහ නගර සභාව පවසයි.
එමෙන්ම ප්රචාරක පුවරු මාර්ග මතට වැටීම නිසා මාර්ග අවහිර වී තිබූ අතර, උදෑසන වනවිට කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකය හා නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුව එක්ව එම සියලු ගස් කපා මාර්ගවලින් ඉවත් කර කොළඹ නගරයේ සියලු මාර්ග රථවාහන ගමනාගමනය සඳහා යථාතත්ත්වයට පත් කිරීමට කටයුතු කළ බව කොළඹ නගර සභාව පවසයි.
අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹ මහනගර සභා සීමාව තුළ මාර්ග මතට ගස් කඩා වැටීම් හා වෙනත් මහජන පීඩාවන් 110 හා 011-2422222 දුරකථන අංක ඇමතීමෙන් කොළඹ මහනගර සභාව වෙත දැනුම් දිය හැකි බව කොළඹ මහනගර සභාව නිවේදනය කරයි.