මේ දිනවල කොළඹ නගරයේ ඇති මාර්ග තදබදයට ස්ථිරසාර විසඳුමක් ලබාදීමට අවධානය යොමුව ඇතැයි මහනගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
මේ පිළිබඳව අමාත්‍යාංශයේ නිලධාරීන් සමග අද (01දා) දිනයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවද නියෝජ්‍ය ඇමතිවරයා පවසා සිටියේය.
ඒ අනුව ප්‍රවාහන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ ගණනාවක් සමග එක්ව වැඩපිළිවෙළක් සකස් කරන බවද හෙතෙම සඳහන් කළේය.
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ විශේෂ අවධානය මේ කෙරෙහි යොමුවී ඇතැයිද අලගියවන්න මහතා කියා සිටියේය.
මාර්ග තදබදයට ස්ථිර විසඳුමක් ඉදිරිපත් කිරීම සඳහා ඉදිරියේදී ප්‍රතිපත්තිමය තීරණ කිහිපයක් රටට දැනුම්දෙන බවද නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.