කොළඹ මහජන පුස්තකාලයේ ශ්රවණාගාර ගාස්තු ඉහළ දමයි
කොළඹ මහජන පුස්තකාලයේ ශ්රවණාගාරයට අය කෙරෙන ගාස්තු ඉහළ දැමීමට යෝජනාවක් සම්මත වී තිබේ. ඒ අනුව රැස්වීම්, දේශන හා සම්මන්ත්රණ සඳහා පැය 08 කට මෙතෙක් අය කළ රුපියල් 1500 ක මුදල, ඉදිරියේදී රුපියල් 8000 ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන ඇත.
එසේම චිත්රපට, විවිධ ප්රසංග, විවිධ ප්රදර්ශන සඳහා මෙතෙක් පැය 08 කට අය කළ රුපියල් 2000 රුපියල් 10,000 ක් දක්වා ඉහළ දමා තිබේ. මේ අනුව ග්රන්ථ එළිදැක්වීමක් සඳහා ශ්රවණාගාරය පැය 06 කට ලබාගැනීමේදී මෙතෙක් අය කළ රුපියල් 1500 ක ගාස්තුව රුපියල් 4000 දක්වා ඉදිරියේදී වැඩිවනු ඇත.
මෙම යෝජනාවට විරුද්ධව අදහස් පළ කළ ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්රී හේමන්ත වීරකෝන් මහතා සභාව අමතමින් මගින් මෙතෙක් කලක් මහජන පුස්තකාලය ලාභ නොලබන ආයතනයක් ලෙස පවත්වාගෙන ආ බවත්, ඉදිරියට ඒ හරහා ලාභ ඉපයීමට නගර සභාවේ සැලසුමක් තිබෙන බවත් කියා සිටියේය.
මෙම යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් සිදුකළ අතර, එහිදී ආණ්ඩු පක්ෂයේ (එජාප) සහ විරුද්ධ පක්ෂයේ (එජනිස) මන්ත්රීවරුන් පක්ෂව ඡන්දය ප්රකාශ කරද්දී හේමන්ත වීරකෝන් (ජවිපෙ) මහතා පමණක් මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

