කොළඹ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීම් අරඹන බව මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය පවසයි.
මුදල් අමාත්‍යාංශයේදී අද (17දා) පැවති සාකච්ඡාවකදී මෙම එකඟත්වයට පැමිණි බව මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මෙම කටයුතු විනිවිදභාවයකින් හා වඩාත් කාර්යක්ෂමව සිදුකිරීමට රජය බලාපොරොත්තු වන බවයි.