කොළඹ නරග සීමාවේ සිටින සුනඛයන් ලියාපදිංචි කිරීමේදී තවමත් අයකරන්නේ 1948 වර්ෂයේදී අයකළ ගාස්තු බවත්, ඒවා යාවත්කාලීන කිරීමේදී ප්‍රායෝගික ගැටලු පැනනැගී ඇති බවත් කොළඹ මහනගර සභාවේ ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරී එල්.වී.පී. ධර්මවර්ධන මහතා පැවසීය.
දැනට බල්ලෙකු ලියාපදිංචි කිරීම සඳහා රැපියල් 5.00 ක මුදලක්ද, බැල්ලියක ලියාපදිංචි කිරීමේදී රැපියල් 7.50 ක මුදලක්ද අයකරන බවද ඒ මහතා පැවසීය. වසරකට නගර සභා සීමාව තුළ සිටින සුනඛයන් 10000 ක් පමණ ලියාපදිංචි කරන බව කී ධර්මවර්ධන මහතා, 15000 ට වැඩි සුනඛයන් පිරිසක් එම බල ප්‍රදේශය තුළ සිටින බව වාර්තා වී ඇතැයිද සඳහන් කළේය.
සුනඛයන් ලියාපදිංචි කිරීමේදී ගැහැනු සතුන්ට වැඩි ගාස්තුවක් අය කරන්නේ බැල්ලියන් පාලනය කිරීමේ අදහසින් බවත්, ඒ හරහා සුනඛ පැටවුන් බෝ වීම වැළැක්වීමටද අපේක්ෂා කර ඇතැයිද ධර්මවර්ධන මහතා පවසා සිටියේය.