( UPDATE) පස් කඳු කඩා වැටීම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කොළඹ බදුල්ල මාර්ගයේ 195 කණුව අසළින් එක් මංතීරුවක වාහන ගමනය මේ වන විට ආරම්භ කර ඇත. එම ස්ථානයේ බැකෝ යන්ත්රයක් සේවයේ යොදවා ඇති අතර ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ද සේවයේ යොදවා ඇත.
14.30 PM කොළඹ - බදුල්ල පාර වල්හපුතැන්නෙන් වැසෙයි
පස් කඳු කඩා වැටීම හේතුවෙන් කොළඹ - බදුල්ල ප්රධාන මාර්ගය වල්හපුතැන්න කිලෝමීටර් 195 කණුව ආසන්නයෙන් වැසී ඇති බව හල්ඳුම්මුල්ල ප්රාදේශීය ලේකම් සුනිල් අබේසිංග මහතා පවසයි. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසද ඔහු පවසයි.