අයහපත් කාලගුණය හේතුවෙන් පස් කඳු කඩා වැටීමෙන් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනය නැවතත් යථා තත්ත්වයට පත්ව ඇත.
පසුගිය 29 දා සිට උඩරට දුම්රිය මාරගයේ දුම්රිය ධාවනය නානු ඹය දක්වා පමණක් සීමා විය.කෙසේ වෙතත් එම මාර්ගයේ දුම්රිය ධාවනය නැවතත් අද දහවල් සිට යථා තත්ත්වයට පත්කළ බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
මේ අනුව කොළඹ සිට බදුල්ල බලාත්, බදුල්ල සිට කොළඹ බලාත් ධාවනය වන දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වෙන බවද දුම්රිය පාලක මැදිරිය පැවැසීය.