කොළඹ - නුවර මාර්ගයේ නුගේ හංදියත්, පට්ටිය හංදියත් අතර මාර්ග කොටසේ අලුත්වැඩියා කටයුතු සිදුකරන බැවින් කොළඹ සිට නුවර දෙසට ගමන් ගන්නා වාහන සඳහා කොළඹ කටුනායක අධිවේගී මාර්ගය භාවිත කර නුවර පාරට අවතීර්ණ වන ලෙස පොලිස් මූලස්ථානය පවසයි.
පාපැදි, යතුරු පැදි, ති්රරෝද රථ හා එම ප්රදේශයේ පදිංචිකරුවන්ගේ වාහනවලට සුපුරුදු පරිදි කොළඹ නුවර මාර්ගය භාවිත කළ හැකි බවත් පොලිස් මූලස්ථානය පවසයි.