කොළඹට හෙට සිට බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය
කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය හෙට (15දා) සිට කි‍්‍රයාත්මක වන බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ක්‍රියාත්මක සමාරම්භක දිනය වන හෙට (15දා) මොරටුව, කුරුස මංසන්ධිය සිට කටුබැද්ද දක්වාත්, සැවෝයි සිනමා ශාලාව සිට බම්බලපිටිය මංසන්ධිය දක්වාත්, කොළඹ නගරය දෙසට ගමන් කරනු ලබන පොදු ප්‍රවාහන සේවා ඒක මංතීරුවක පමණක් ගමන් කරනු ඇත.
පෙරවරු 06.00 සිට පෙරවරු 09.00 දක්වා සතියේ දිනවලදී මෙම මාර්ගයන්හි කොළඹ දෙසට වෙන්කරනු ලැබූ මංතීරු තුළ ධාවනය කළ යුතු වන අතර, එම වේලාවන්හි මංතීරුව තුළ අනෙකුත් වාහන ධාවනය කිරීම අත්හිටුවා ඇත.
මෙම බස් ප්‍රමුඛතා මංතීරු ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට පෙර අදාළ මාර්ගයන්හි යටිතල පහසුකම් දියුණු කර ඇති අතර, සීසීටීවි මගින් බස්රථ අධීක්ෂණය කරනු ඇත.
තවද GPS තාක්ෂණය යොදා ගනිමින් බස්රථ ගමන් කරනු ලබන ආකාරය හා නිවැරදි මංතීරු අනුගමනය කරන්නේද යන්න නිරන්තරයෙන් සොයා බැලීමටද කටයුතු යොදා ඇත.
කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

