පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් කොළඹ මහ නගර සභාව විසින් දැරූ වියදම් සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලැබිය යුතු රුපියල් කෝටි 80 ක මුදල මේ දක්වා ලැබී නැතැයි කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ටයිටස් පෙරේරා මහතා පැවසීය.
මීට පෙර අවස්ථාවකදී නගර සභාව විසින් විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුවත් කිරීමට පියවර ගත්තද, නගර සභාවට අය වියයුතු මුදල් ලබාදෙන දිනයක් ගැන තවම දැනුම්දීමක් කර නැතැයිද නියෝජ්‍ය නගරාධිපතිවරයා සඳහන් කළේය.
කොළඹ නගර සභාව විසින් පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට අදාළව මාර්ග නඩත්තුව, මාර්ග අලංකරණය කිරීම ඇතුළු කටයුතු සිදුකරන ලදී. අදාළ කටයුතු සඳහා නගර සභාව විසින් රැපියල් මිලියන 1,500 ක් වැය කළ බව මීට පෙර කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා සමුළුවෙන් පසු මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.