එළඹෙන වෙසක් පුන් පොහොය නිමිත්තෙන් කොළඹ මහ නගර සභා සීමාව තුළ ආසන්න වශයෙන් වශයෙන් දන්සැල් 100කට ආසන්න ප්‍රමාණයක් පැවැත්විය හැකි බවත් දන්සල් ලබාදීමට පෙර ඒවා මහ නගර සභාවේ ලියාපදිංචි විය යුතු බවද කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා පැවසීය.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී අද (23 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම මේ බව පවසා සිටියේය.
මේ අනුව දන්සල් 40ක් පැවැත්වීමට මේ වන විට ලියාපදිංචි වී සිටින බවත් එසේ ලියාපදිංචි කිරීමෙන් පසු ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික සහාය මහජන පරීක්ෂකවරුන් විසින් ලබාදෙන බවද වෛද්‍ය නිලධාරිවරයා පවසා සිටියේය.
මේ අතර එම දන්සල්වලින් ලබාදෙන ආහාර හා පාන වර්ග ප්‍රමිතියෙන් තොර වුවහොත් එම දන්සල නවතා දැමීමට කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.