කොළඹ තදබද ලිහන මහාමාර්ග ජාලයක් ලඟදීම - අගමැති
කොළඹ මාර්ග තදබද ලිහන අධිවේග මාර්ග ජාලයක් වෙනුවෙන් ලඟදීම ඉදිකිරීම් අරඹන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(11) පැවසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ හැවුලොක් සිටි හී පැවති එජාප බල මණ්ඩල සාකච්ඡාවකදීය.
එහිදී අගමැතිවරයා වැඩිදුරටත්, වේගවත් මාර්ග ප්‍රවාහන වැඩසටහනක් ආරම්භ කිරීමට අපි පියවර ගනිමින් සිටිනවා. අද ශ්‍රී ලංකාවේ ලොකුම ප්රශ්නය මාර්ග තදබදයයි. එය අද හෙට අවසන් නොවුණත් එය අවසන් කිරීමට අවශ්‍ය පියවර අපි ගනිමින් සිටිනවා. පසුගිය 08 වන දා අපි ගුවන් පාලම විවෘත කළා. ඉදිරියේදී තවත් ප්‍රධාන ගුවන් පාලම් මාර්ගයක් විවෘත කිරීමට කටයුතු කරනවා. කැලණි පාලමේ සිට වරාය හරහා කොටුව දක්වා එක් ගුවන් පාලම් මාර්ගයක් ඉදිවෙනවා. අනෙක් ගුවන් පාලම් මාර්ගය රාජගිරියේ එච් එච් බී සී ගොඩනැගිල්ල ආසන්න ප්‍රදේශය දක්වා ඉදිවෙනවා. ඒ අනුව කැලණි පාලමේ සිට මාර්ග තදබදයකින් තොරව කොටුවටත්, රාජගිරියටත් ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා. එමෙන්ම අභ්‍යන්තර ජල මාර්ග පද්ධතියක්ද ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. මේවා අපේ මූලික වැඩකටයුතුයි. ලෙසින් අදහස් දැක්වීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

