2016 වසරේ මුල් මාස හය තුළ පමණක් බස්නාහිර පළාතෙන් ඩෙංගු රෝගීන් 7600ක් වාර්තා වී ඇති බව බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය දීප්ති පෙරේරා මහත්මිය පැවැසුවාය.
අද (08දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඇය තවදුරටත් සඳහන් කළේ මේ සඳහා බහුල වශයෙන්ම අවිධිමත් කසළ බැහැර කිරීම බලපා ඇති බවයි. ඒ අනුව එම තත්ත්වය මග හැරීම සඳහා බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය වර්ණ හතරකින් යුත් බෑග් හඳුන්වා දී තිබෙන බවත් ඇය පැවැසුවාය.
ඒ අනුව කසළ බැහැර කිරීමේදී තැඹිලි - ප්ලාස්ටික්, නිල් - කඩදාසි, කහ - පොලිතීන්, දුඹුරු - පොල්කටු හා ලෝහ වශයෙන් වර්ණ වෙන් කර තිබේ.