ශ්‍රීලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් 18 වැනි වරටත් පවත්වනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(16දා) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ආරම්භවීමට නියමිතය.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ ප්‍රවීණ චිත්‍ර ශිල්පිනී සිබිල් වෙත්තසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පොත් ප්‍රදර්ශනය අද උදෑසන 9.00 ට ආරම්භවේ.
අද සිට ලබන 25 වැනිදා දක්වා දින 10 ක කාලයක් උදෑසන 9.00 සිට රාත්‍රී 9.30 දක්වා පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන අතර, හෙට(17දා) රාත්‍රී 12.00 දක්වා පොත් ප්‍රදර්ශනය පැවැත්වීමට පොත් ප්‍රකාශකයන්ගේ සංගමය තීරණය කර තිබේ.
මෙවර කොළඹ පොත් දැක්ම සඳහා දේශීය පොත් අලෙවි කුටි 410 ක් සහ විදේශීය පොත් අලෙවි කුටි 60 ක් අන්තර්ගතවේ.
එමෙන්ම පොත් ප්‍රදර්ශනයට සමගාමීව පොත් දොරට වැඩීම්, සාහිත්‍ය සංවාද, කැටපත් පවුර ආදී සාහිත්‍යාංග ගණනාවක්ද ක්‍රියාත්මක වේ.
තවද20,21 සහ 22 යන දිනවල භාෂාව පිළිබඳ විශේෂඥයන් සහභාගි වන භාෂා සංගායනාවක් පැවැත්වීමටද පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කටයුතු සංවිධානය කර ඇති අතර, එවැන්නක් පැවැත්වෙන්නේ ප්‍රථම වරටය.
පසුගය වසරේ මෙන්ම මෙවරද අතිවිශාල ජනකායක් පොත් ප්‍රදර්ශනයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව පොත් ප්‍රකාශකයන්ගේ සංගමය %අද^ ට පැවසීය.