අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි පිළිසකර කිරීමක් හේතුවෙන් එයින් ජලය සැපයෙන ප්‍රදේශවල හෙට (29දා) පැය 15ක කාලයක් ජලය ලබාදීම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන ජලප්‍රවාහන මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව හෙට උදෑසන 09.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.
මේ හේතුවෙන් කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහනගර සභා බලප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව යන නගර සභා බලප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බලප්‍රදේශ සහ රත්මලාන ප්‍රදේශයට ජල සැපයුම අක්‍රීය වීම බලපාන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.