කොළඹ ඇල මාර්ග හා ජලමාර්ග අවහිර වන සේ ගොඩනගා ඇති ඉදිකිරීම් අදාළ නගර සභා, ප්‍රාදේශීය සභා දැනුවත් කිරීමෙන් පසු කඩිනමින් ඉවත් කිරීමට නියමිතය. මේ සඳහා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට හා අනෙකුත් ආයතන වෙත මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණව මහතා උපදෙස් ලබා දී ඇත.
අධික වර්ෂාව නිසා කැළණි ගඟේ ජල මට්ටම ඉහල ගොස් ඇත. තවද, කොළඹ නගරයට ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් කොළඹ, කොළොන්නාව, කඩුවෙල, වත්තල, කැළණිය යන ප්‍රදේශ ජලයෙන් යටවීමේ අවධානමක් පැන නැගී ඇති බවත් ඇල මාර්ග හා ජල මාර්ග අවහිර වනසේ ගොඩ නගා ඇති ඉදිකිරීම් මේ සඳහා හේතුව බවත් අමාත්‍යාශය නිකුත් කළ නිවේදනයක් දැක්වෙයි.