කොළඹ කුණු හා අවට ප්‍රදේශවල එකතුවන කැළිකසළ වලින් කොටසක් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ඉඩමකට ගෙන ගොස් දැමීමට සැලසුම් කර තිබෙන බව නිදහස් වෙළෙද කලාප සහ පොදු සේවා සේවක සංගමය සඳහන් කරයි.
මේ නිසා ජාත්‍යන්තර නිර්ණායකවලට අනුව සකස් වී තිබෙනා වෙළෙඳ කලාපයේ ජාත්‍යන්තර ප්‍රමිතිය නැතිවී යා හැකි බවද එම සංගමයේ සමලේකම් ඇන්ටන් මාක්ස් මහතා සඳහන් කළේය.
මෙම තත්ත්වය මත එම කලාපය තුළ කර්මාන්ත ශාලා පවත්වාගෙන යන කර්මාන්ත හිමියන් 69 දෙනා පවා එම ස්ථානයෙන් කර්මාන්ත ඉවත්කරගෙන යා හැකි බවද හෙතෙම කියා සිටියේය.
මීට අමතරව කැළිකසළ එම කලාපයට බැහැර කළහොත් එහි සේවය කරන 60,000කට අධික සේවකයන්ගේ සෞඛ්‍යයටද දැඩි බලපෑම් එල්ලවන බැවින් මෙම ස්ථානයේ කුණු දැමීමට ගත් තීරණය වහාම වෙනස් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බවද සමලේකම්වරයා කියා සිටියේය.