දකුණු ආසියානු රටවල විගමණික ශ්‍රමිකයන් විදේශගත කරන රටවල් 11 ක් එක්ව පවත්වන කොළඹ ක්‍රියාදාමය සමුළුව (Colombo Process) මෙවර නොවැම්බර් 04 හා 05 යන දෙදින කොළඹ Ozo හෝටලයේදී පැවැත්වේ.
මෙවර සමුළුවට ඉන්දියාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, චීනය, වියට්නාමය, පිලිපීනය, තායිලන්තය, ඉන්දුනීසියාව, පාකිස්ථානය, නේපාලය හා ශ්‍රී ලංකාව යන රටවල් සහභාගී වේ.
මෙම රටවල් 11 එක්ව 2003 වර්ෂයේදී ඇති කරගත් එකමුතුව කොළඹ ක්‍රියාදාමය ලෙස හඳුන්වයි.
මීට පෙර 2013 හා 2014 යන වර්ෂවලදීද මෙම සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්විණි. විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය මෙවර සමුළුවේ සභාපතිත්වය හොබවයි. සමුළුවේ ආරම්භක දේශනයද අමාත්‍යවරිය විසින් පැවැත්වීමට නියමිතය. මෙවර සමුළුව සඳහා ඒ ඒ රටවල අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වීමට නියමිතය.
මෙම සමුළුවේ නිරීක්ෂණ කටයුතු සඳහා විගමණික ශ්‍රමිකයන්ගේ සේවාව ලබාගන්නා රටවල නියෝජිතයන්ද සහභාගි වීමට නියමිතය.