කොළඹ හා තදාසන්න ප්‍ර දේශවල කසළ බැහැර කිරීම විධිමත් කිරීම සඳහා අදාළ සියලු ආයතන එක්ව නිසි ක්‍රමවේදයකට එළැඹිය යුතු බව ජනපති මෛත්‍රීපාල සිරිසෙන මහතා පවසයි.
කසළ කළමණාකාරණය සම්බන්ධයෙන් වගකීම්දරණ ප්‍රධාන ආයතන අතර සම්බන්ධයක් නොමැතිවීම කසළ කළමනාකරණය දුර්වල වීමට ප්‍රධාන හේතුව බවද ජනපතිවරයා සඳහන් කළේය.
බස්නාහිර පළාතේ කසළ කළමනාකරණය සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදි ජනපතිවරයා මේබව සඳහන් කළේය.
කොළඹ නගරයේ අලංකාර කටුයුතු පිළිබඳව මෙහිදී අවධානය යොමුව තිබේ.
මංතිරු අලුත් වැඩියාව, බේරේවැව ආශ්‍රීත පරිසර කළාපය, විහාර මහා දේවී උද්‍යානය අවට පරිසර කළාපයේ සිදුකළ යුතු අලුත් වැඩියා කටයුතුද මෙහිදී අවධානයට ලක්විය.